ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා අතර හමුවක් ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අධ්‍යාපනය සහ රැකියා අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දෙපාර්ශ්වයම මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ සහයෝගීතාව සටහන් කළ අතර ඔස්ට්‍රේලියාව අධ්‍යාපනය, කෘෂිකර්මය සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *