ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය ලන්ඩනයේදී උපායමාර්ගික සංවාදයක් කැඳවයි.

හෙට, 2023 අප්‍රේල් 18 වැනි දින පැවැත්වීමට නියමිත විදේශ ලේකම් මට්ටමේ මංගල එක්සත් රාජධානිය-ශ්‍රී ලංකා උපායමාර්ගික සංවාදයට ශ්‍රී ලංකාව සහභාගී වනු ඇත.

ලන්ඩනයේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ (FCDO) පැවැත්වෙන උත්සවයට ශ්‍රී ලංකා විදේශ ලේකම් අරුණි විජේවර්ධන සහභාගී වන බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

FCDO හි එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය Anne Marie Trevelyan විසින් සංවාදය විවෘත කරනු ලබන අතර, එය FCDO හි ස්ථිර උපලේකම් ශ්‍රීමත් පිලිප් බාර්ටන් ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබේ.

මෙම වසරේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයේ වැදගත් සන්ධිස්ථානයේදී FCDO හි ආරාධනයෙන් මංගල උපායමාර්ගික සංවාදය කැඳවනු ලැබේ.

දෙරට අතර බහුවිධ සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට උපාය මාර්ගික සංවාදය දෙපාර්ශවයටම වේදිකාවක් සපයනු ඇති බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

සංවාදයට සමගාමීව, විදේශ ලේකම් විජේවර්ධන පොදුරාජ්‍ය මණ්ඩලයේ සහකාර මහලේකම් මහාචාර්ය ලුයිස් ජී ෆ්‍රැන්සිස්චි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වනු ඇති අතර සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ (APPG) සාමාජිකයින් සමඟ අන්තර් ක්‍රියා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *