ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 200 ක සමාජ ආරක්ෂණ ණයක් ගැන සාකච්ඡා පවත්වයි.

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර ඇති බව රජය ප්‍රකාශ කළා.

තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මුල්‍ය සහන, දරිද්‍රතාවයෙන් පෙළෙන සහ විපතට පත් පුද්ගලයින් සඳහා අවස්ථා වැඩි කිරීම සහ රට තුළ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම වැනි ප්‍රධාන කරුණු තුනක් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව මේ සඳහා අවශ්‍ය ණය මුදල ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *