Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව, චීනයට වඳුරන් අපනයනය කරයි.

ශ්‍රී ලංකාව, චීනයට වඳුරන් අපනයනය කරයි.

ශ්‍රී ලංකාවේ වඳුරන් (Toque macaque) සඳහා චීනයෙන් ඉහළ ඉල්ලුමක් පවතින අතර එමඟින් මෙරට වඳුරු ගහනය ඉක්මවීමේ ගැටලුව විසඳීමට උපකාරී වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව අද දෙරණ වෙත වාර්තා වේ.

චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලාංකික වඳුරන් ලබාදෙන ලෙස චීන නියෝජිත පිරිසක් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වැඩසටහනේ පළමු අදියර යටතේ වඳුරන් ලක්ෂයක් චීනයට පිටත්කර හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව සිටි බව අද දෙරණ වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් වඳුරු ගහනය ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයකට පැමිණ ඇති බවත් එම සතුන් දේශීය වගාවන්ට තර්ජනයක් වී ඇති බවත් සාකච්ඡාවේදී අනාවරණය විය.

වැඩසටහන සඳහා වන නීතිමය ක්‍රියා පටිපාටි අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

චීනයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ වඳුරු ගහනය මැඩපැවැත්වීම සඳහා පළාත් පාලන ආයතන පියවර කිහිපයක් ගෙන ඇති අවස්ථාවකයි.

වගාවන් බේරා ගැනීම සඳහා වඳුරන් (toque macaque) මරා දැමීමට ගොවීන්ට හරිත එළියක් ද ලබා දී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රිලවා නමින් ප්‍රකට වඳුරු ගහනය පාලනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත විශේෂ ලැයිස්තුවේ වඳුරන් දැන් නොමැති බව ඔහු පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *