ශ්‍රී ලංකාවේ උපන් බීබීසී මාධ්‍යවේදියා ජීවිතයෙන් සමුගනී

බීබීසී පුවත් සේවයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් මෙන්ම ප්‍රවෘත්ති නිවේදකයෙක් වූ ජෝර්ජ් අලගයියා මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ වනවිට 67 හැවිරිදි වියේ පසුවූ ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය.

ජෝර්ජ් 1955දී කොළඹ දී උපත ලබා තිබූ අතර ඔහු 1963දී දෙමව්පියන් සමග ඝානාවේ පදිංචියට ගොස් තිබුණි.

ඔහුගේ පියා ඉන්ජිනේරුවෙකි. වාර්තාවල දැක්වෙන්නේ කුඩා ජෝර්ජ් වයස අවුරුදු 11දී එංගලන්තයේ පදිංචියට ගිය බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *