Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වේ

ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වේ

2023/2024 ශ්‍රී පාද වන්දනා වාරය හෙට උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වේ.

ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවේ සර්වඥ ධාතූන් වහන්සේලාගේ කරඬුව සහ දේව ප්‍රතිමා සහ සරාගී පෙරහැරවල් තුනකින් හෙට අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවීමට නියමිත බවයි. පෙරහැර රත්නපුර, පලාබත්ගල සහ එරත්න මාර්ගයෙන් ද රත්නපුර, අවිස්සාවේල්ල සහ හැටන් මාර්ගයෙන් ද බලංගොඩ, බගවන්තලාව මාර්ගයෙන් ද ගමන් කිරීමට නියමිතය.

මෙම පෙරහැර තුන පසුදින (26) ශ්‍රී පාද උඩ පරිශ්‍රය වෙත ළඟා වීමට නියමිත අතර සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමෙන් අනතුරුව වන්දනා සමය ආරම්භ වේ.

මේ අතර හැටන් – දික්ඔය නගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව පෙරහැර ගමන් ගන්නා මාර්ගය තොරණ සහ බැනර්වලින් සරසා තිබෙනවා.

හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරී නිපුන දෙහිගම මහතා පැවසුවේ වන්දනාකරුවන්ට ආරක්ෂාව සැපයීමට සහ මත්පැන් සහ වෙනත් මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින වන්දනාකරුවන් හැටන් ප්‍රදේශයේ ඇත්නම් අත්අඩංගුවට ගැනීමට නල්ලතන්නිය සහ හැටන් පොලිසියට අමතරව ගඟුලතැන්න රතු අම්බලම සහ සීතාගඟුල යන ස්ථානවල පොලිස් මුරපොළ ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රී පාදස්ථානාධිපති හිමි. ශ්‍රී පාදස්ථානයේ පූජනීයත්වය උල්ලංඝනය කරමින් දැඩි සංවේදී පරිසර කලාපයට හානි සිදු කරන කිසිදු ක්‍රියාවකින් වළකින ලෙස ධම්මදින්න හිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *