විශ්‍රාමික ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීමේ උත්සවය බදාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
වෛද්‍ය ප්‍රනාන්දු මහතා රටවල් කිහිපයක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ විශේෂඥවරයකු ලෙස සේවය කර ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා වෛද්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.


