විපක්ෂයේ ප්රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් ඉකුත් 26 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්රකාශනයට එතුමා විසින් පිළිතුරු ලබා දී තිබෙන්නේ විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවටයි.
එමෙන්ම කොවිඩ් -19 වෛරසය පාලනය කොට ජන ජිවිතය සුරක්ෂිත කිරීමට රාජ්ය තන්ත්රය කැපවී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්රියාවලියක නිරතවන බවත් ජනාධිපති තුමාගේ උපදෙස් මත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් යවන ලද ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.
එම පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.