විදේශ විනිමය ගෙවීම් සම්බන්ධ කැබිනට් තීරණ දෙකක්…

2017 අංක 12 දරන විදේශ විනිමය පනතට අදාළව ප්‍රධාන තීරණ දෙකක් අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබේ.

දේශීය පාලිත සමාගම්වලට අමුද්‍රව්‍ය ආනයනය සඳහා මුදල් ගෙවීම සඳහා විදේශ රටවලින් කෙටිකාලීන විදේශ මුදල් ණය ලබා ගැනීමට හැකිවීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධයෙන් රටින් පිටතට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට/සීමා කිරීමට නිකුත් කර ඇති නියෝගයේ වලංගු කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ විස්තර පහත පරිදි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *