රාජ්‍ය සේවක ඇඳුම් පැළඳුම් සංග්‍රහයේ චක්‍රලේඛ දෙකක් අවලංගු කරයි.

රාජ්‍ය අංශයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් 2019 සහ 2022 වසරවල නිකුත් කර තිබූ චක්‍රලේඛ වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

නව චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ මීට පෙර 2019 ජුනි සහ 2022 සැප්තැම්බර් මාසවලදී නිකුත් කරන ලද චක්‍රලේඛ දෙක මෙලෙස අවලංගු කර ඇති බවයි.

එම චක්‍රලේඛ දෙක අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

ආර්ථික අර්බුදය ඇතුළු විවිධ හේතූන් මත රාජ්‍ය සේවකයින්ට අනියම් සහ සුදුසු ඇඳුමෙන් සේවයට වාර්තා කිරීමට චක්‍රලේඛ මගින් අවසර ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *