විදේශ රැකියා සඳහා පිටත්ව යන අයට වැදගත් දැනුම්දීමක්…

සංචාරක වීසා යටතේ රැකියා සඳහා විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි.

ඕමානයේ අතරමං වී දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ආරක්‍ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කාන්තාවන් 08 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම 2022 දෙසැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි බව සඳහන් කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ කාන්තාවන් 6 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම අද දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

සංචාරක වීසා යටතේ නීතිවිරෝධී ලෙස ඕමානයට ගොස් රැකියා ලබා ගැනීමට පැමිණි කාන්තාවන් 18 දෙනෙකු මේ වන විට සැඟවී සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

තම රැකියා ස්ථානවලින් පලා ගිය කාන්තාවන් ඕමානයේ කම්කරු අමාත්‍යාංශය විසින් අසාදු ලේඛනගත කර ඇති බව SLBFE නිවේදනය පවසයි.

සේවා යෝජකයින්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නීතිවිරෝධී ලෙස ඕමානයේ වාසය කරන බවට සැලකෙන පිරිස යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ප්‍රවේශපත්‍රවල පිරිවැය ඔවුන්ගේ අදාළ පවුල්වලින් දැරීමට සිදුවන බවද එහි වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *