Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

විදේශ බඳවාගැනීම් අංශය ඩිජිටල් කරන ලෙස ඕමාන රැකියා නියෝජිතායතන ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.

විදේශ බඳවාගැනීම් අංශය ඩිජිටල් කරන ලෙස ඕමාන රැකියා නියෝජිතායතන ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඕමානයේ කම්කරු බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී සිදුවන ක්‍රියා පටිපාටි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කර ඇති බවයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, ඕමානයේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින අමාත්‍ය මනූෂ නානායක්කාර කම්කරු බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවට සහතික වූ බවයි.

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් බඳවා ගැනීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඕමානයේ ශ්‍රම බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් හමුවිය.

කම්කරුවන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකුට දුර බැහැර ගොස් තානාපති කාර්යාලයට පැමිණීමට සිදුව ඇති බවත්, මේ නිසා විශාල කාලයක් අපතේ යන බවත් කම්කරු බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

මේ අතර තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් අනුමැතිය ලබාගැනීමට අමතර කාලයක් වැය කිරීමට සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දුන්නා.

ඒවාට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි කරදර අවම කර ගැනීමට හොඳම ක්‍රමය විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම බවත් එය හැකි ඉක්මනින් සිදු කරන බවත්ය.

මේ අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පමණක් ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද එකඟ විය.

සංචාරක වීසා මගින් ඕමානයට ගෘහ සේවය සඳහා සේවිකාවන් ගෙන්වා ගැනීම හේතුවෙන් මතුව ඇති ගැටලු සහ ඕමානයේ ශ්‍රමිකයින් බඳවා ගන්නා සංවිධාන නියෝජිතයන් මුහුණ දෙන ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *