විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේන නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික කරවාගත යුතුව පවතියි.

එහෙත් පළමු පාසල් වාර නිවාඩුව මේ වනවිට ආරම්භ වී තිබීම හේතුවෙන් මෙම කාර්යය සිදුකරගැනීමේ දී සිසුන්ට වන අපහසුතා වැළැක්වීම පිණිස අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයට පෙර එම අයදුම්පත් සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එමෙන් ම, ඉදිරියේ දී එළඹෙන මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් වෙත ඊට අදාළ අයදුම්පත් සම්පූර්ණ කිරීමටත්, තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා පාසල තුළ අවශ්‍ය පසුබිම සලසා දීමටත් අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *