විදුලි මිල ගණන් සමාලෝචනය කර 2023 ජූලි මාසය වන විට සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍ය විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බවයි.
එමෙන්ම 2022 දෙසැම්බර් මාසයේ දී ගත් කැබිනට් තීරණයට අනුව වියදම් පරාවර්තක මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමටත් සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.