වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස  උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා  ඊයේ (27)  පත් කර තිබේ.

ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙකි.

ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර ඇති බවටද වාර්තා වෙයි.

දේශබන්දු තෙන්නකෝන්  මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම  අධිකරණයෙන් නතර කිරීමෙන් පසු එම ධූරය තවමත් පුරප්පාඩුවී පවතින්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *