වාහන ඉන්ධන ධාරිතාව පිළිබඳ “සමාජ මාධ්‍ය කටකතා” LIOC ප්‍රතික්ෂේප කරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) වාහන ඉන්ධන ධාරිතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ටැංකි උපරිම ධාරිතාවට පුරවා ගැනීමෙන් වළකින ලෙස වාහන හිමියන්ට අනතුරු ඇඟවීමක් කර ඇති බවත් එය පිපිරීමකට තුඩු දෙන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර යන බව LIOC පවසයි.

පැහැදිලි කිරීමේ ප්‍රකාශයක් නිකුත් කරමින් LIOC ප්‍රකාශ කළේ තමන් එවැනි කිසිදු අනතුරු ඇඟවීමක් කර නොමැති බවත් එය සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් බවත්ය.

LIOC වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෝටර් රථ නිෂ්පාදකයින් තම වාහන සැලසුම් කරන්නේ කාර්ය සාධන අවශ්‍යතා, හිමිකම් සහ පරිසර තත්ත්‍වයන් ඇතුළු ආරක්‍ෂිත සාධක සහිතව බවයි.

“පෙට්‍රල්/ඩීසල් වාහන සඳහා ඉන්ධන ටැංකියේ දක්වා ඇති උපරිම පරිමාව ව්‍යතිරේකයක් නොවේ. එබැවින්, ශීත ඍතුව හෝ ගිම්හානය නොසලකා නිෂ්පාදකයා විසින් නියම කර ඇති පරිදි සම්පූර්ණ සීමාව (උපරිම) දක්වා වාහනවල ඉන්ධන පිරවීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *