මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ ද වාහන හිමිකරුවන් මෙතෙක් ලබා නොගත් වාහන අංක තතහඩු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලයෙන් හෝ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර් රථ දෙපාර්තමේන්තු ශාඛාවෙන් ලබන ජුනි මස 30 වැනිදාට පෙර ලබාගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම වර්ෂ දෙකේ මුද්‍රණය කර වාහන හිමියන් ලබා නොගත් වාහන අංක තහඩු ලක්ෂයක පමණ ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් මේ පිළිබඳ වැඩි තොරතුරු වාහන අංක තහඩු අංශයේ 0112 033 333 ඇමතීමෙන් ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


