ව්‍යාපාරිකයන්ගේ ණය කපා හැරීමට ජනපති ගත් පියවර ගැන වෙල්ගම ප්‍රශ්න කරයි

ඇතැම් ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ ණය කපා හැරීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ව්‍යාපාරිකයින් 10 දෙනෙකුගේ ණය බොල් ණය ලෙස ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගම ප්‍රකාශ කළා.

ව්‍යාපාරිකයින් පිරිසගේ ණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය වැරදි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

“රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීමට ඡන්දය දුන් මන්ත්‍රී කණ්ඩායම අතර මමත් හිටියා. අපි එතුමාව ජනාධිපතිවරයා ලෙස පත් කළේ ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ ණය කපා හැරීමට නොවෙයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *