ව්‍යාජ මුදල්වලින් අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට…

අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ දොරටුව අසලදී ව්‍යාජ රුපියල් 1000000ක් යොදාගෙන ගාස්තු ගේට්ටුවට ගෙවීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 1000/- නෝට්ටුවක්.

35 හැවිරිදි මෙම පුද්ගලයා ඉරිදා (16) අලුයම අත්අඩංගුවට ගෙන කඩවත පොලිස් ස්ථානයට භාරදී ඇති බව පොලිසිය පවසයි.

සැකකරු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සඳුදා (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කඩවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *