වහාම ඉන්ධන මිල අඩු කරන්න: සජිත් රජයට කියයි

මේ වනවිට සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉහළ දැමූ ඉන්ධන මිල වහා අඩු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 දක්වා අඩු වී ඇති බවයි.

මෙම තත්ත්වය සලකා බලා අද හෝ හෙට මධ්‍යම රාත්‍රිය වන විට ඉන්ධන මිල අඩු කිරීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

සති දෙකක සටන් විරාම කාලය තුළ ගෑස්, ඉන්ධන, පොහොර සහ ඖෂධ සැපයුම් දාමය ශක්තිමත් කිරීමට රජය පියවර ගත යුතු බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *