Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

වස් පවාරණය ඇරැඹෙන උතුම් වප් පොහෝ දිනය අදයි

වස් පවාරණය ඇරැඹෙන උතුම් වප් පොහෝ දිනය අදයි

වප් පුරපසලොස්වක පොහොය අදට(13) යෙදී තිබේ. බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් පවාරණය ඇරඹෙන්නේ වප් පොහෝ දිනකයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්‍යොත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි. වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි.

පෙර වස්‌ විසූ උපසපන් භික්ෂූන් වහන්සේලා වස්‌ පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය. බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස්‌ කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය. මෙලෙස ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත.

මීට අමතරව මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම, සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම, සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම, ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව, ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම ආදී ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මෙම වප් පොහෝ දින වැදගත් සිදුවීම් අතර වේ.

වප් පොහෝ දිනය නිමිත්තෙන් උතුම්වූ උපෝසථ සීලය සමාදන් වීම, දාන, සීල, භාවනාමය වැඩසටහන් ආදිය සංවිධානය කිරීම ආදී පිංකම් රැසක් දිවයින පුරා විහාරස්ථාන රැසක අද දිනය පුරා සිදුකිරීමට නියමිතය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *