LK reports news sinhala

ලෝක විවාහක රූ රැජිණ කිරුණ ශ්‍රී ලංකාවට

2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි සමත් වූවාය. ඇමරිකාවේ නෙවාඩාහි ලාස්වේගාස් නුවර පැවැති අවසන් මහා තරගයේදී තරගකාරියන් 51 ක් අතුරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් ඇය මේ ජයග්‍රහණය අත්කරගත්තාය.

ජාත්‍යන්තර මට්ටමේ ලෝක විවාහක රූ රැජිණ තරගවලින් ප්‍රධානතම තරගය මෙය වන් අතර මීට 35 වසරකට පෙර ලෝක විවාහක කිරුළ ශ්‍රී ලංකාවට දිනාදීමට වත්මන් කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය සමත් වූවාය. ඒ 1984දීය.

ලෝක විවාහක කිරුළ මෙවර ශ්‍රී ලංකාවට හිමිවද්දී දෙවැනි තැන අයර්ලන්තයටත් තෙවැනි තැන වර්ජින් දූපතටත් හිමිවිය. 2019 වසරේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනාගත්තේ වියට්නාමයේ ජෙනිෆර් ලීය.

මෙම තරගාවලී ඉතිහාසයේ එක්වරකට වඩා කිරුළ දිනා ඇති රටවල් ගණන 4ක් පමණි. ඒ අතර ඇමරිකා එක්සත් ජනපදය 6 වතාවක් සහ පේරු, රුසියාව හා ශ්‍රී ලංකාව දෙවතාව බැගින් කිරුළ දිනා ඇත.

මෙවර ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට එක්වූ රටවල් ගණන 51කි. කිරුළ දිනූ කැරොලින් ජූරි එක්දරු මවක අතර වෘත්තීය නිරූපිකාවකි. ඇය මෙම තරගාවලියට යොමු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ පැවති විවාහ රූ රැජිණ ජයග්‍රහණය කිරීමෙන් පසුය. එහි ලංකාවේ නියෝජිත ලෙස කටයුතු කළේ ප්‍රකට රූපලාවන්‍ය ශීල්පී චන්දිමාල් ජයසිංහයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *