ලෝක කුසලානය අලුත්ම අතකට

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්තය සහ එංගලන්තය සුදුසුකම් ලබා ඇත. අවසන් පූර්ව තරගවලදී ඉන්දියාව පැරදූ නවසීලන්තය මෙවර අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ පිට පිට දෙවැනි වරටය.

2015 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය හිමිකරගත් නවසීලන්තය මෙවරද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළ එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 27කට පසුවය.

මෙම රටවල් ද්විත්වය කිසිදු වරක ලෝක කුසලානය දිනා නොමැති අතර ලබන 14වැනිදා ලන්ඩන්හි පැවැත්වෙන 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එම අවස්ථාව නවසීලන්තයට හෝ එංගලන්තයට ඉතිහාසයේ පළමු වරට හිමිකරගැනීමේ හැකියාව ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *