ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට දැවැන්ත යෝජනා ක්‍රම තුනකින් එකම දින- ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජලය

වර්ෂ 2025 සැමට ජලය යන සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සුළු සහ මහා පරිමාණ ජල යෝජනා ක්‍රම අතරින් දැවැන්ත ජල යෝජනා ක්‍රම තුනක් ජනතා අයිතියට පත්කිරීම 21 වන දින පස්වරු 4.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අරලිය ගහ මන්දිරයේ දී ජනතා අයිතියට පත්කෙරේ.

 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන අමාත්‍ය, ගරු වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ,
මේ යටතේ,

1. කුරුණෑගල දිස්ත්‍රික්කයේ – දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය

2. කෑගල්ල දිස්ත්‍රික්කයේ – ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය

3. ගාල්ල දිස්ත්‍රික්කයේ – හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමය

මෙදින ජනතා අයිතියට පත්කරන බවයි.

මෙම යෝජනා ක්‍රම තුනෙන් පානීය ජලය නොමැති කමින් පීඩාවිඳි 190,000 (එක්ලක්ෂ අනූදහසකට) පානීය ජල පහසුකම ලැබෙන අතර කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 07 ක ග්‍රාම නිළධාරී වසම් 377 ක් ආවරණය වේ.

 

මේ සඳහා වැය වූ මුදල මෙසේය,

1. දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය – රු. මිලියන 10,227

2. ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය – රු. මිලියන 2,300

3. හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමය – රු. මිලියන 325

 

මෙම යෝජනා ක්‍රමයන්හි සුවිශේෂිතාවය වන්නේ මෙම ඉදිකිරීම් වලින් වැඩි ප්‍රතිශතයක් දේශීය ඉංජිනේරුවන් විසින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ දේශීය සමාගම් හි මැදිහත් වීමෙන් සිදුකල බව යැයි ද මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *