ලවණ මිශ්‍ර ජලය ලැබුණු කළුතර ජනතාවගේ ජල බිල්පත් අය නොකෙරේ

ලවණ මුසු වූ ජලය සැපයුණු කළුතර ප්‍රදේශයන්හි ජනතාව ජල බිල්පත් ගෙවීමෙන් නිදහස් කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසයි.

කළුගඟේ ජලයට මුහුදු ජලය එක්වීමෙන් ප්‍රදේශයේ පවුල් 72,000 ක් පමණ අසීරුතාවට පත්ව ඇති බැවින් එම ජල පාරිභෝගිකයින්ගේ ජලබිල්පත් ගාස්තුව අය කිරීම අසාධාරණ බවද පරිසර රාජ්‍ය අමාත්‍ය ජයසිංහ සමරවීර මහතා පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *