වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්රී ලංකාව පුරා පිහිටි සියලුම බලපත්රලාභී වයින් අලෙවිසැල් සහ මත්පැන් අලෙවිසැල් ලබන සතියේ දින තුනක් වසා තැබේ.
සියලුම බලපත්රලාභී මත්පැන් අලෙවිසැල් හෝ සිල්ලර අලෙවිසැල් මැයි 4 වැනිදා සිට 6 වැනිදා දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
එම කාලය තුළ වසා දැමීමට අපොහොසත් වන අයට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.