ලංගම බස් රථ රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් යෙදවීමට තීරණය කෙරේ

ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ ධාවනයේ යෙදවීමට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇදිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබෙන පසුබිමක ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *