රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ වනවිට ආසාදිතයින් 56 ක් වාර්තා වී තිබේ. ඒ අතර මව්වරුන් සහ දරුවන් 46 දෙනෙක්, වෛද්‍ය කාර්යය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 10ක් ද සිටී. එමෙන්ම නිරෝධායනය සඳහා යොමු කර ඇති කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව සීයකට ආසන්න බවටත් වාර්තා වේ.
රෝහල් අධ්යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා සඳහන් කරන්නේ රෝගීන් බැලීමට පැමිණෙන පිරිසෙන් වෛරසය රෝහලට ඇතුලු වී ඇති බවයි. එබැවින් රෝගීන් බැලීමට පැමිණීම සීමා කිරීම සියලුදෙනාගේ වගකීමක් වන බවත්, පවතින තත්වය මත රෝගියෙකු බැලීමට ලබාදෙන කාලය විනාඩි 10 ක් දක්වා සීමා කර ඇති බවත් රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.