රිජ්වේ ආ‍ර්යා ළමා රෝහල වෙත සම්බන්ධ වීමට දුරකථන අංකයක්

සායන සඳහා සහභාගීවීමට රෝහල වෙත පැමිණීම අනිවාර්ය නොවන බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින කෙනෙකුට 1390 අංකය අමතා අදාළ සායන වෙත යොමුවීමේ හැකියාව පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජී.විජේසූරිය මහතා,

“රිජ්වේ ආර්යා ළමා රෝහලට වැඩිම පිරිසක් පැමිණෙන්නේ සායනවලට. ඒ රෝගීන් දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබාගන්නා අය. ඔවුන් දිවයිනේ විවිධ දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙනවා. ඔවුන්ට හැකියාව තියෙනවා 1390 කියන දුරකථන අංකය අමතලා අදාළ සායනයට යොමුවෙලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ඒ නිසා දුර බැහැර ඉන්න අය රෝහලට පැමිණීමට අවශ්‍ය නෑ. ඒ රෝගීන්ගේ ඖෂධ අපි ඒ ආසන්නයේම තියෙන ප්‍රධාන රෝහලකට යැවීමට කටයුතු කරනවා. ඒ වගේම සායනයට පැමිණීම අත්‍යවශ්‍යම රෝගියෙක් සිටිනවා නම් 1390 අංකයට කථා කරලා වේලාවක් හා දිනයක් වෙන්කරවාගෙන පැමිණෙන්න. ඕනෑම දුරකථන ජාලයකින් මේ අංකයට නොමිලේ කථා කරන්න පුළුවන්. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *