Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රාජ්‍ය සේවකයින්ටත් බෝනස්

රාජ්‍ය සේවකයින්ටත් බෝනස්

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට මහා භාණ්ඩාගාරය අනුමැතිය හිමිව ඇත. සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර ඇත.

ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන එහි 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කරගෙන පසුගිය වසරේ ලබාදුන් ආකාරයට සියලු කාර්ය මණ්ඩලය වෙත 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ගෙවන ලෙස වැඩිදුරටත්  උපදෙස් දී ඇත.

මේ සඳහා 2018 දෙසැම්බර් මස 07 වන දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛය අදාළ පරිදි වලංගු වේ. තම ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර නොමැති අවස්ථාවක වුවද අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව 2019 වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමිවේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *