රාජ්‍ය සේවකයන්ට අපහාස වන අයුරින් මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය විපක්ෂ නායකවරයා හෙළා දකියි

රාජ්‍ය සේවය ජාතියට බරක් බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස හෙළා දකිනවා.

“රටට දරාගත නොහැකි තරමට රාජ්‍ය සේවය පුළුල් වී ඇති බවත් එය රටට බරක් බවත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුවේ ස්ථාවරයද එයම බව අපි විශ්වාස කරන අතර එම ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද විපක්ෂ නායකවරයා අද නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

“ආණ්ඩුව සෘජුව හෝ වක්‍රව මේ රටේ රාජ්‍ය සේවය දියකර හැරීමට සූදානම් වන බව පැහැදිලියි. විශ‍්‍රාම යන වයස අවුරුදු 60 සිට 65 දක්වා වැඩි කිරීමට අයවැයෙන් ජනප්‍රිය යෝජනාවක් ඉදිරිපත් කළ ඇමැතිවරයා ඊට පසුදාම කීවේ රාජ්‍ය සේවය රටට බරක් බවයි. තම මතය උල්ලංඝණය කරන අමාත්‍යවරයා පසුදා තම හාස්‍යජනක අයවැය යෝජනාවක් සමඟ එකට වැඩ කරමින් සිටිනවා” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එල්ල වූ දරුණු අතුල් පහරක් ලෙසයි.” විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *