රාජ්‍ය නිලධාරීන් කාර්යාල වේලාවන් තුළ ජංගම දුරකථන භාවිත කිරීමට එරෙහිව දැඩි පියවර…

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසුවේ, රාජ්‍ය නිලධාරීන් කාර්යාල වේලාව තුළ ජංගම දුරකථන භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කරන බව ය.

අලුත් අවුරුද්දේ වැඩකටයුතු ආරම්භ කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් ස්ථානවල සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දෙස බලා දවසේ පළමු දෙය ලෙස ෆේස් බුක්, වට්ස්ඇප් හරහා රජයේ කාර්යාල සැරිසරන ආකාරය තමා දුටු බවයි.

කාර්යාල වේලාවන් තුළ ජංගම දුරකථන භාවිත කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරන්නේ දැයි තමන් කල්පනා කරන බව ඔහු පැවසීය.

ඇතැම් පෞද්ගලික කාර්යාලවල සේවකයින්ට තම ජංගම දුරකථන ඇතුල්වන ස්ථානයේ ඇති ලොකරයක තබා රාජකාරි නිමවී පිටත්ව යන විට ඒවා ආපසු රැගෙන යාමට සිදුව ඇති බව ඔහු පැවසීය.

අවශ්‍ය නම් එවැනි තීරණ ගැනීමට පසුබට නොවන බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *