රටේ වන ඝනත්වය ඉහළ නැංවීමට සමගි ජන බලවේගය පෙරට

සමඟි ජන බලවේගයේ හරිත බළකාය පරිසරය සුරකින රටක් උදෙසා බිම් මට්ටමේ සිටම ශක්තිමත් කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව රටේ වන ඝනත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීම සිය මූලික අරමුණ බව විපක්ෂ නායකවරයා පවසා සිටියා. ඒ මහතා මේ බව පැවසුවේ මාලිම්බඩ, ඕගස්පේ, ගංගාරාම විහාරස්ථානයේ අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

තම අරමුණ පරිසර හිතකාමී හරිත දේශයක සිහිනය සැබෑ කිරීම බවත්, සෑම නිවෙසක්ම පරිසර හිතකාමී වැඩපිළිවෙළට දායක කර ගැනීම බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *