LK reports news sinhala

රටට අවශ්‍ය නායකත්වය වෙනුවෙන් මුරලි ‘වියත් මග‘ හා එක්වෙයි

රටක ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීම පවතින රජයේ වගකීම බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “සැලැස්ම බලගැන්වෙයි” තේමාව යටතේ  ඊයේ(8) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති වියත්මඟ වාර්ෂික සම්මේලනයඅමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වත්මන් ආණ්ඩු විසින් රටේ ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීමේ වගකීම පැහැර හැර ඇති බවද පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදි එය සිය පාර්ෂවය විසින් සිදු කළ බවද පෙන්වා දුන්නේය. ගිලිහි ගිය රටේ ආරක්ෂ තත්ත්වය නැවතත් සිය පාලනයක් යටතේ නැවත ඇති කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

විශේෂයෙන්ම මෙම සම්මෙලනයට එක්වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම ලොව විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ද රටට ආරක්ෂාව සපයන නායකත්වයක් අවශ්‍ය බව කීය. අර්ජුන රණතුංග තමාට නායකයකු වෙමින් තමා ඇතුළු කණ්ඩායම ආරක්ෂා කළා සේ වර්තමානයේ රටට එවැනි නායකත්වයක් දිය හැකි අයකු තෝරා ගත යුතු බව මුරලිදරන් කියා සිටියේය.

එක් අපේක්ෂකයකු රට වෙනුවෙන් මිය යාමට සූදානම් බව කියනවා තමා අසාසිටි බවත් රටේ නායකයා මිය යනවා නම් පාලනය කරන්නේ කවුදැයිද මුරලිදරන් විමසා සිටියේය. එසේම තමාගේ ජීවිතයේ විශිෂ්ටම දිනය 2009 යුද්ධය අවසන් කළ දිනය බවත් ඉන්පසු නිදහසේ ජීවත් විය හැකියයි සිතා සතුටු වුවද මෑතකදී එල්ලවූ ප්‍රහාරය නිසා රට යළි අනාරක්ෂිත වී ඇති බවද ඔහු කියා සිටියේය. එබැවින් රටට අවශ්‍ය ජාතික ආර්ක්ෂාව තහවුරු කළ හැකි එය ක්‍රියාවෙන් ඔප්පු කළ අයකු බවද මුරලිදරන් එහිදී ප්‍රකාශ කළේය.

(Image – newshub.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *