රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බව බැසිල් පවසයි

රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා ඇතැමුන් විවිධ ප්‍රයත්න දරමින් සිටින බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රසායන පොහොර ආනයනය කිරීමට රජය සූදානම් බවට ඇතැම් වෙබ් අඩවිවල පළ වී ඇති ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එම ප්‍රචාරය රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසී ලැබූ පාර්ශවයන්ගේ කූඨ ව්‍යාපෘතියක් බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරයි.

සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීමට අදාළ පියවර ගනිමින් සිටින මෙම අවස්ථාවේ එම අරමුණු විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ ලබානොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *