ගාසා යුද්ධයට විරෝධය පළ කරමින් ඊශ්‍රායල ක්‍රීඩකයන් සමඟ අතට අත දීම අයර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රතික්ෂේප කරති

හංගේරියාවේ පැවති UEFA Nations League තරගයට පෙර ඊශ්‍රායල ක්‍රීඩකයන් සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කළ අයර්ලන්ත පාපන්දු ක්‍රීඩකයෝ, ඊශ්‍රායල ජාතික ගීය වාදනය කරන අවස්ථාවේදී හිස් පහත් කරගෙන සිටියහ.

අයර්ලන්ත නායක Dara O’Shea සහ ඊශ්‍රායල නායක Manor Solomon අතර සාම්ප්‍රදායිකව සිදුකරන ධජ හුවමාරුවද සිදු නොවීය.

එමෙන්ම ගාසා ගැටුමෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන් සිහිපත් කරමින් අයර්ලන්ත ක්‍රීඩකයෝ කළු අත්පටි පැළඳ තරගයට එක්වූහ.

ගාසා තීරයේ පවතින යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයට එරෙහි තරග වර්ජනය කරන ලෙස අයර්ලන්තය තුළින් එරට ජාතික පාපන්දු කණ්ඩායමට වැඩි වශයෙන් ඉල්ලීම් එල්ල වෙමින් පවතින පසුබිමක මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පැවති මෙම තරගයට සහභාගී වීමට අයර්ලන්ත ක්‍රීඩකයන් සැලකිය යුතු බහුතරයකින් ඡන්දය දී තිබුණද, තරගයට පෙර සාමාන්‍යයෙන් සිදුකරන අතට අත දීමේ චාරිත්‍රයට සහභාගී නොවීමට ඔවුන් තීරණය කර තිබුණි.

තරගයට පෙර අයර්ලන්ත ගෝල රකින්නා වන Gavin Bazunu කණ්ඩායමෙන් ඉවත් වූ අතර, තරගයට සහභාගී වීම “වැරදි දෙයක්” බව තමන් විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත්, තරගය අවසානයේදී අයර්ලන්තය ගෝල 3-0ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *