සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ සෞදි අරාබියේ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රඊද් බින් අබ්දුල්ලා අල් කුර්මයිලි මහතා අතර හමුවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි.
දෙරටට පොදු උනන්දුවක් ඇති කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් දෙපාර්ශ්වය, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සහයෝගීතාව සහ සබඳතා තවදුරටත් පුළුල් කළ හැකි ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම කැපවීම මෙම හමුවේදී යළි තහවුරු වූ බවද තානාපති කාර්යාලය සඳහන් කළේය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සහ චාන්සරි ප්‍රධානී දමිත්‍රි සමංගිකා මහත්මියද මෙම හමුව සඳහා තානාපති අමීර් අජ්වාඩ් මහතා සමඟ සහභාගී වී තිබේ.


