Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රක්‍ෂණ මුදලට බිරිඳ රිය අනතුරකින් මරා දැමූ සැමියා අත්අඩංගුවට…

රක්‍ෂණ මුදලට බිරිඳ රිය අනතුරකින් මරා දැමූ සැමියා අත්අඩංගුවට…

අප්‍රේල් 30 වැනිදා ඇල්පිටිය පිටිගල මාපලගම ප්‍රධාන මාර්ගයේ නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි කාන්තාවක් මිය ගියාය.

පසුගියදා ඇයගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබුවේ අනතුර සිදුකිරීමට ඔහුගේ මිතුරෙකුට ඒත්තු ගැන්වීමේ චෝදනාව මතයි.

අනතුර සිදු කිරීම සඳහා සැකකරු රුපියල් ලක්ෂ 20ක මුදලක් තම මිතුරාට පොරොන්දු වී ඇතැයි පොලිසිය කියයි.

වින්දිත කාන්තාව කලක් විදේශ රැකියාවක නියැලීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඇයගේ නමට රුපියල් ලක්ෂ 50ක ජීවිත රක්ෂණ ඔප්පු හතරක් තිබී ඇත.

රක්‍ෂණ මුදල ලබාගැනීම සඳහා සැකකරු සිය මිතුරා සමඟ එක්ව මෙම අනතුර සැලසුම් කර ඇත.

අනතුරට ලක්වූ තරුණිය යතුරුපැදියකින් කටයුත්තකට සම්බන්ධ වීමට ගිය තම ඥාතිවරියක් එනතුරු පාරේ බලා සිටියදී ලොරි රථයකට යටවී ඇත.

ඇය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර පසුව ඇයගේ තුවාල හේතුවෙන් මිය ගියාය.

සැකකරුගේ මිතුරා යැයි සැලකෙන ලොරි රථ රියදුරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා මේ වනවිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *