යූ ටියුබ් වීඩියෝ දර්ශන පදනම් කරගෙන ආයුධ නිෂ්පාදනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

යූ ටියුබ් ටියුටෝරියල් ඔස්සේ දේශීයව ගිනි අවි දෙකක් නිෂ්පාදනය කළ පුද්ගලයින් දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රකාශ කළේ, සැකකරුවන් ගිනි අවි සහ ආයුධ නිෂ්පාදනයට යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බවයි.

ටී 56 ගිනි අවියට භාවිත කරන උණ්ඩයකින් වෙඩි තැබිය හැකි අවියක්, තවත් අඩි පහක් දිග ගිනි අවියක්, ටී 56 ගිනි අවියක්, ඇඹරුම් යන්ත‍්‍ර දෙකක් සහ එම අවි නිෂ්පාදනය සඳහා භාවිත කළ නිෂ්පාදන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම අවි ආයුධ අපරාධයක් සිදු කිරීම සඳහා ඉදිරිපත් කළ ඒවාද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරුවන් 41 හැවිරිදි සහ 21 හැවිරිදි බදුරලිය සීලදොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඥාතීන් වේ.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

වීඩියෝ: https://web.facebook.com/watch/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&mibextid=2Rb1fB&v=297034662745159

Leave a Reply

Your email address will not be published. Required fields are marked *