යුධ හමුදාපති රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේ වැඳපුදා ගනී

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහා ඊයේ (07) වෙසක් පුන් පොහෝ දිනයේ ඓතිහාසික රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. පැතිර යන Covid-19 රෝගය රටින් මෙන්ම ලෝකයෙන්ම තුරන් වී යන මෙන්ද, රටට දැයට ආශිර්වාදයක් වගේම සුවදායික දේශයක් ඇති වේවා යන ප්‍රාර්ථනාවෙන් රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ වන්දනාමාන කළ එතුමා කිරි පිඩු ආහාර සහ මල්, ඖෂධ වියළි ආහාර වගේ ම අට පිරිකරද පූජා කරන ලදී.

රුවන්වැලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාමිහියන්ගේ අනුශාසනා පරිදි මෙහිදී රටට ජාතියට සෙත්පතමින් ආගමික වතාවත් සිදු කෙරිණු අතර රුවන්වැලි මහා සෑ රදුන්ගේ සුදු පිරියම් කිරීමේ අවස්ථාවට ද යුධ හමුදාපතිවරයා එක්විය. මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *