Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

යාපනය නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාව යළි සලකා බලන ලෙස ඉල්ලයි

යාපනය නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාව යළි සලකා බලන ලෙස ඉල්ලයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව යළි සලකා බලන ලෙස යාපනය නීතිඥ සංගමය (Bar Association of Jaffna) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.

ජූලි 28 වැනිදා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් එම සංගමය සඳහන් කර ඇත්තේ, විශ්‍රාම වයස වැඩි කිරීමේ අදහසට මූලික වශයෙන් විරෝධයක් නොමැති බවත්, එය පහළ අධිකරණ විනිසුරුවන් ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියටම අදාළ වන පරිදි සහ පුළුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක කොටසක් ලෙස සිදු කළ යුතු බවත්ය.

කෙසේ වෙතත්, මෙම සංශෝධනය වෙනමම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සංගමය සිය අවධානය පළ කර තිබේ. එවැනි පියවරක් මගින් විධායකය අධිකරණයට මැදිහත් වන බවට හෝ විශේෂ වරප්‍රසාද ලබාදෙන බවට මතයක් ඇති විය හැකි බවත්, එය අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට බලපෑම් කළ හැකි බවත් එම සංගමය සඳහන් කර ඇත.

අනාගතයේදී රජය සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවලංගු කර නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ පුළුල් ක්‍රියාවලියකදී විනිසුරුවන්ගේ විශ්‍රාම වයස පිළිබඳ කරුණ සලකා බැලිය හැකි බවද යාපනය නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

“උපකරණාත්මක අරමුණු” සඳහා වෙන් වෙන් වශයෙන් සිදුකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගෞරවය දුර්වල විය හැකි බවටද එම සංගමය අනතුරු අඟවා ඇත.

එබැවින් මෙම අවස්ථාවේදී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්හැර දමා නැවත සලකා බලන ලෙස යාපනය නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *