යාපනයේ මානිප්පායි ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ 92 ක්

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කේරළ ගංජා කිලෝ 92 ක් මානිප්පායි පොලිස් වසමේ මානිප්පායි මරදනාමඩම් මාර්ගයේ උඩුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ එම නිලධාරීන්ට ඊයේ (12) උදෑසන 4.30ට පමණ ලද තොරතුරක් මත මානිප්පායි දෙස සිට පැමිණි ටිපර් රථයක් නවතා පරීක්ෂා කළ අවස්ථාවේදීයි. ටිපර් රථය පරීක්ෂා කිරීමට යාමේ දී සැකකරුවෙකු පලා ගොස් ඇත.

එම ටිපර් රථය තුළ තිබී කේරළ ගංජා කිලෝ 92 ක් සොයා ගැනීමට හැකි විය. ටිපර් රථය හා කේරළ ගංජා තොගය මානිප්පායි පොලීසියට ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් අද(13) දින මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මානිප්පායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *