Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

යාපනයෙන් පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත…

යාපනයෙන් පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත…

යාපනයේ වගා කරන ලද ශ්‍රී ලංකා කාබනික ඇඹුල් කෙසෙල් පළමු කාණ්ඩය 2023 අප්‍රේල් 28 වැනි දින ඩුබායි වෙත අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

යාපනයේ අක්කර 350ක වගා කරන ලද කාබනික ඇඹුල් කෙසෙල් කිලෝ 25,000කින් පළමු කාණ්ඩය සමන්විත වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව Daily News වෙත වාර්තා වේ.

යාපනය ප්‍රදේශයේ ගොවීන් 600ක් ඇඹුල් කෙසෙල් වගාවේ නිරත වන අතර එම වගාව තවත් හෙක්ටයාර් 650ක් දක්වා ව්‍යාප්ත කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

පෙරේදා (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අමරවීර කියා සිටියේ රාජාංගනයේ වැවෙන ඇඹුල් කෙසෙල් මෙම වැඩසටහන යටතේ 18 වතාවක් අපනයනය කර ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින කෘෂිකාර්මික අංශය නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ ඇඹුල් කෙසෙල් අපනයන කලාප පිහිටුවීමේ වැඩසටහන දියත් කරන ලදී.

මේ වසරේ ඇඹිලිපිටිය සහ හම්බන්තොට අවට ප්‍රදේශයේ ඇඹුල් කෙසෙල් අපනයන කලාපයක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සෙවණගල ප්‍රදේශයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති අතර රාජාංගනයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර යාපනයේ සැකසුම් මධ්‍යස්ථානයේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනයෙන් ශ්‍රී ලංකාවට අපනයන ආදායමක් වශයෙන් ඩොලර් 20,000ක් ලැබෙන බවත් යාපනයේ කෙසෙල් අපනයනයෙන් සතියකට ඩොලර් 40,000ක් රටට ලැබෙන බවත් අමාත්‍ය අමරවීර මහතා පෙන්වා දුන්නේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *