යස්මින් සූකා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නීතීඥයාට එරෙහි නඩුවෙන් ජය ලබයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) එක්සත් රාජධානියේ ක්‍රියාකාරිකයෙකු වන ජයරාජ් පලිහවඩන දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතීඥවරියක සහ ක්‍රියාකාරිනියක වන යස්මින් සූකාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණයේදී අසීමිතව සමාව අයැද තිබේ.

ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියට (ITJP) අනුව, ජයරාජ් පලිහවඩන මෑතක් වන තුරුම හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන පක්ෂයේ එක්සත් රාජධානියේ නියෝජිතයා ලෙස කටයුතු කළේය.

ප්‍රකාශයක් නිකුත් කරමින්, ITJP පැවසුවේ, දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතීඥ සහ ක්‍රියාකාරිනියක වන යස්මින් සූකා 2018 දත්ත ආරක්ෂණ පනත යටතේ එක්සත් රාජධානියේ දත්ත ආරක්ෂණ හිමිකම් පෑමක් ආරම්භ කළ බවත්, ඇයගේ කීර්ති නාමයට හානි වන සාවද්‍ය පුද්ගලික තොරතුරු ප්‍රකාශයට පත් කිරීම අභියෝගයට ලක් කළ බවත්ය.

ජයරාජ් පලිහවඩන විසින් 2021 දී ජිනීවාහි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 47කට යැවූ වාර්තාවක් ප්‍රකාශයට පත් කළේ සූකා තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමකට පක්ෂග්‍රාහී වූ බවට බොරු කියමිනි.

ITPJ පැවසුවේ, අවසානයේදී, පලිහවඩන සූකාට සැලකිය යුතු නීතිමය වියදම් සහ වන්දි ගෙවීමට එකඟ වූවා පමණක් නොව, ඔහුගේ අදහස් ඉල්ලා අස්කර ගැනීමටත්, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් අන්තර්ජාලය හරහා සමාව අයැදීමක් පළ කිරීමටත් එකඟ වූ බවයි.

මීට අමතරව, විත්තිකරු වශයෙන්, පලිහවඩන විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරීමට එකඟ වූ අතර ඔහුගේ වෙබ් අඩවියේ සමාව අයැද සිටියේය.

සම්පූර්ණ ITPJ වාර්තාව: https://itjpsl.com/assets/Final-Yasmin-Sooka-Press-Release-13-Dec-2022.docx-1.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *