මෙරට නිෂ්පාදනය කෙරෙන කිරිපිටි මිල ඉහළට

දේශීයව නිෂ්පාදනය කෙරෙන කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව හයිලන්ඩ්, නෙස්ලේ සහ පැල්වත්ත කිරිපිටි සමාගම්වල කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර හිමි වන අතර කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 945 දක්වාද, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 380 දක්වාද වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

දේශිය කිරිපිටි මිල ඉහළ නැංවීම මගින් මෙරට වෙළෙඳ පොළේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල හා සමාන වන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ. දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් මීට පෙර පාඩු ලබමින් සිය නිෂ්පාදන කටයුතු සිදුකිරීම මෙම මිල සංශෝධනයට හේතුව බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *