‘මුහුදු රළ ගැන අවධානයෙන් ඉන්න‘ – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

මෙරට ඇතැමි ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරන ලෙස දන්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර 2.5ත් මීටර 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම වෙරළතීරයන්ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවද කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *