මිලේනියම් සිටිහිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නොවේ -ෆොන්සේකා

මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

යුධ හමුදා බුද්ධි අංශය කිසිවිටෙකත් දිගු දුර මෙහෙයුම්වල නිරත නොවූ අතර කොළඹට RPG සහ ක්ලේමෝ බෝම්බ රැගෙන ඒමේ අවශ්‍යතාවයක් නොතිබුණු බව මන්ත්‍රීවරයා පැවසීය. නිලධාරියෙක් තමයි මේ නීතිවිරෝධී ක්‍රියාවේ නිරත වුණේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“මෙම සිද්ධිය එවකට පැවති රජය පෙරලීම සඳහා යොදා ගන්නා ලදී,” ඔහු පැවසීය.

මිලේනියම් සිටි සිද්ධිය සිදුවූ කාලයේ යාපනයේ අණදෙන නිලධාරියා වූයේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා සිහිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *