මැනිං වෙළඳපල ආශ්‍රිත නාට්ටාමිවරුන් 67 කට කොවිඩ්

පිටකොටුව මැනිං වෙළඳපල ආශ්‍රිත නාට්ටාමිවරුන් 67 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය දිනූකා ගුරුගේ පවසා සිටින්නේ ඉකුත් දෙදින තුළ මැනිං වෙළඳපල අවට ප‍්‍රදේශයෙන් මෙම PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි.

මේ අතර මැනිං වෙළඳපලේ කම්කරුවන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන්ටද ඊයේ දිනයේ හදිසි අහඹු PCR පරීක්ෂණ සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *