මාර්තු 9 මැතිවරණයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා.

රටේ නීතියට අනුව මැතිවරණය පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී තිබීම ඊට හේතු වී ඇති බව පෙන්වා දෙමින් අධිකරණය මේ බව ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළව ගොනු කර ඇති පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිරික්ෂණය සිදු කළේය.

පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කර තිබුණි.

අධිකරණයේ නිරීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ රටේ නීතියට අනුව මැතිවරණය පවත්වන ලෙස අධිකරණය ජාතික මැතිවරණ කොමිසමට උපදෙස් දී ඇති බවයි.

“මැතිවරණය පවත්වන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් දෙනවා නම් වෙනත් නිදහසට කරුණු කියන්න බැහැ. මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව කවුරුන් හෝ ප්‍රකාශ කළහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකනු ලබන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කිරිඇල්ල වැඩිදුරටත් පැවසුවේ SJB පළාත් පාලන මැතිවරණය සඳහා දීර්ඝ කාලයක සිට සූදානම් කර ඇති බවයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *