මහ වැස්ස ජීවිත හතක් බිලිගනී

දිවයිනේ ප‍්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැළුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනකු මියගොස් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සූරියවැව ප‍්‍රදේශයේදී ත‍්‍රීරෝද රථයක් මතට ගසක් ඇද වැටීමෙන් 31 හැවිරිදි කාන්තාවක්, ඇගේ දියණිය සහ තවත් දැරියක් මරණයට පත්වූ අතර ගිනිගත්හේන මහනුවර මාර්ගයේ කොටසක් වෙළඳසල් 10ක්ද සමඟ නායගිය අතර එහිදී ව්‍යාපාරිකයකු මියගියේය.

හැටන්, ආගරපතන ටොරින්ටන් තේ වත්ත ප‍්‍රදේශයේ දිය පහරකට හසුව ගසාගෙන යෑමෙන් දැරියන් දෙදෙනෙකු මිය ගිය අතර මහනුවර – මහියංගණය මාර්ගයේ ඔරුතොට ප‍්‍රදේශයේදී යතුරු පැදියක් මතට ගසක් කඩාවැටීමෙන් 29 හැවිරිදි තරුණයෙක්ද මරණයට පත්ව තිබේ.

කළුගගේ ජල මට්ටම ඉහළ ගොස් රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ජල ගැලීම් ඇතිවී තිබෙන අතර පවුල් 331කට අයත් 1250 දෙනකු පමණ ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *